දරුවකුගේ නිරුවත් රූ අන්තර්ජාලයට මුදාහල තරුණයා මාට්ටු


(හේමලතා ඩී හේවගේ)

ගිරිඋල්ල පොලිස් වසමට අයත් හමනගල්ලේ කුඹුරක සරුංගල් යවමින් සිටි 11 හැවිරිදි පාසල් සිසුවකු නිරුවත්කර ඡායාරූප ගෙන සමාජ මාධ්‍යජාලාවලට මුදාහැරියේ යැයි කියන  තරුණයකු අත් අඩංගුවට ගත් බව ගිරිඋල්ල පොලීසිය කියයි.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ හමනගල්ල ප්‍රදේශයේම පදංචි 27 හැවිරිදි තරුණයෙකි.

මෙම අතවර සිද්ධියට සම්බන්ධ බව කියන පාසල් සිසුවා සහ ඔහුගේ සොයුරා සමග කුඹුරේ සරුංගල් යවමින් සිටියදී සැකකාර තරුණයා හා 16 හැවිරිදි තවත් අයකු ද ඒ අසල සරුංගල් යවමින් සිට ඇති බවද සඳහන්වේ

එම අවස්ථාවේ මෙම දරුවා එම අතවරයට ලක්වූ බවට  එම දරුවාගේ මව  පොලීසියට කළ පැමිණිල්ලක් මත සැකකරු අත්අඩගුවට ගෙන ඇත.