දරුවකු කෙළෙසූ මිනිහා රිමාන්ඩ්
මාපියන් සමග වේයන්ගොඩ සිට කොළඹ ආ දහ හැවිරිදි දරුවකු කොටුව දුම්රිය පොලේදී ඔවුනට මගහැරීමෙන් පසු ඔහු දුම්රිය මැදිරියකදී අපයෝජනය කළැයි සැක පිට 45 හැවිරිදි පුද්ගලයෙක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා විසින් ලබන 14 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
දුම්රිය පොලේ සිටි සෙබළුන් දෙදෙනෙකු එම තැනැත්තා පොලීසියට අල්ලා දී ඇත. ළමයාට ද පසුව මවුපියන් හමුවූ නමුත් ඔහු අපයෝජනයට ලක්වූ බව වෛද්‍ය පරීක්ෂණයෙන් තහවුරු වූයෙන් ඔහු ළමා නිවාසයක රැඳවන ලෙස මහේස්ත්‍රාත් නියම කළේය.

