(ඩයනා උදයංගනී)
මරණීය දණ්ඩනය හා වෙනත් දඬුවම් නියම වී බන්ධනාගාරගතව සිටින දරුණු අපරාධකරුවන් විසින් දුරකතන ඔස්සේ සිදුකරන ජාවාරම් නැවැත්වීමේ පියවරක් ලෙස එම අපරාධකරුවන් දුරකතන සබඳතා අවහිර කළ බන්ධනාගාරවල රැඳවීමට පියවර ගෙන ඇතැයි අධිකරණ, මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.
ඒ අනුව එම අපරාධකරුවන් තාවකාලිකව බූස්ස අධි ආරක්‍ෂිත බන්ධනාගාරයට යොමු කිරීමටත්, ඔවුන් වෙනුවෙන් ලාදුරු රෝගීන් රඳවා තැබීම සඳහා භාවිතා කළ මඩකලපුව, මාන්තිව් දූපතේ නව බන්ධනාගාරයක් ඉදිකිරීමටත් පියවර ගෙන ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.
බන්ධනාගාරයේ සිට මෙහෙයවන මත්කුඩු ආදී ජාවාරම් නැවැත්වීම සඳහා පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ලබා දී ඇති උපදෙස් අනුව මෙම පියවර ගෙන ඇතැයි ද අමාත්‍යවරයා කීවේය.
ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතා මේ බව පැවසුවේ අධිකරණ, මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේදී අද (10) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.



ඡායාරූප - ගයාන් අමරසේකර

