බණ්ඩාරගම දී වඳුරෙක් ද, පැටියකු ලැබීමට සිටි වැඳිරියක ද රණ්ඩු වූහ. වඳුරා වැඳිරිය තල්ලු කළේය. වැඳිරියට නැගිට ගන්නට බැරි විය. පසුදා උදේ ඇය පැටවකු බිහි කළාය. පැටවා මැරී සිටියේය.
වැඳිරිය මළ පැටවා දෙස බලමින් බොහෝ වේලාවක් දුකින් ගත කළාය. අන්තිමේ දී ගැමියෝ මළ වඳුරු පැටියා වළ දැම්මෝය.
වැඳිරිය ළඟ සිටි මළ පැටවා ඉවත් කර ගැනීම ඔවුනට ප්‍රශ්නයක් විය. දරු දුක ඒ තරම්ම ප්‍රබල වූ බැවිනි.






