දයාසිරි නෑ කියයි


තමා ආණ්ඩු පක්ෂයෙන් වයඹ පළාත් සභා මහ ඇමැති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට යතියි පැතිර යන ආරංචියේ සත්‍යතාවක් නැතැයි කුරුණෑගල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා කියයි.

තමා එය ප්‍රතික්ෂේප කළ බවත්, ආණ්ඩු පක්ෂයෙන් වයඹ පළාත් සභාවට ඉදිරිපත් නොවන බවත් ඒ මහතා පවසයි.