දඹුලූ ලූනු ගොවියාට හොඳ මිලක්


ලක් ස.තො.ස කිලෝව රුපියල් 65 ගානේ දඹුලූ ලොකු ලූනු මිලට ගැනීමට ඇරුඹීමත් සමග දඹුලූ ආර්ථික මධ්‍යස්ථාන ව්‍යාපාරිකයෝ කිලෝව 60-62 අතර මිලකට ගනිති. රජය මැදිහත්වන්නට පෙර ජනතාවගේ ලූනු කිලෝවට ලැබුණේ රුපියල් 35-40 අතර මිලකි.