(කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව මූලික රෝහලේ සෞඛ්‍ය අධ්‍යාපන අංශයේ සේවය කළ හෙද සොයුරියක ඩෙංගු රෝගය වැළඳීමෙන් අද (4) මිය ගොස් ඇතැයි රෝහල් ප්‍රකාශකයකු සඳහන් කළේය.
මෙසේ මියගොස් ඇත්තේ දඹුල්ල ප්‍රදේශයේ පදිංචි හෙද සොයුරියක වන තමරා කුමාරවංශ (41) දෙදරු මවකි.
ඇයගේ කුඩා දියණියකට ද ඩෙංගු රෝගය වැළදීමෙන් දඹුල්ල මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බව රෝහල් ප්‍රකාශකු වැඩිදුරටත් සඳහන් කළේය.
ඩෙංගු රෝගය වැළඳී ප්‍රතිකාර ලබමින් සිටියදී දඹුල්ල රෝහලේන් වැඩිදුර ප්‍රතිකාර සඳහා පේරාදෙණිය රෝහල වෙත මාරු කර යවා ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය මෙසේ මියගොස් තිබේ.
මියගිය හෙද සොයුරියගේ සැමියා සේවය කරනු ලබන්නේ දඹුල්ල මහනගර සභාවේ කාර්මික නිලධාරියෙකි.
දඹුල්ල මූලික රෝහලට අනියුක්තව සෞඛ්‍ය අධ්‍යාපන අංශයේ සුවිශාල වූ කාර්යභාරයන් රැසක් ඇය විසින් ඉටුකරමින් සිටි බවත් රෝහලේ මෙන්ම රෝගීන්ගේ ද ශරීර සෞඛ්‍ය පිළිබඳව වැඩි අවධානයක් යොමු කරමින් විවිධ දේශන පවත්වමින් ඇය සමාජයේ විශාල සේවාවක් සිදු කළ රාජ්‍ය සේවිකාවක් බව රෝහලේ වෛද්‍යවරුන් සහ හෙද හෙදි කාර්ය මණ්ඩලය පවසති.



