දඹුලු මුදලාලි සතොසේ


ගොවීන්ගේ ලොකු ලූනු මිලට ගැනීමේ මුවාවෙන් දඹුල්ල ලූනුමිලදී ගැනීමේ මධ්‍යස්ථානයේ දී ලක් සතොස මුදලාලිගෙන් ලූනු කිරතියි දඹුල්ල පුරපති ජාලිය ඕපාත මහතා කියයි. ගොවීන්ගෙන් රුපියල් හතළිස් පහට පනහට ගන්නා කිලෝව රුපියල් හැට පහට සතොසට විකිණීමේ දී ලක් සතොසට සම්බන්ධ බව කියන පුද්ගලයකුට ද කිලෝවක් රුපියල් පහක් යතියි පුරපති කියයි. ලක් සතොස සභාපති සුනිල් ප්‍රනාන්දු මහතා පැවැසුයේ ගොවීන්ගෙන් පමණක් ලූනු මිලට ගැනීම අරමුණ බවයි. මේ සිද්ධිය ගැන සොයා වැරැදිකරුවනට දඬුවම් දෙන බව ද ඔහු කියයි.