
(කාංචන කුමාර ආරියදාස)
දේශීය ලොකු ළුනු අස්වැන්න මේ දිනවල නෙළීමේ කටයුතු ආරම්භ කර ඇති නිසා කඩිනමින් විදේශ රටවලින් ගෙන්වන ලොකු ලූනු සඳහා දැනට පනවා ඇති ශත 25 බද්ද ඉවත් කොට දේශීය ගොවියාට සාධාරණය වන පරිදි බද්ධ වැඩි කරන්නැයි දඔුලු ලොකු ලූනු ගොවීහු රජයෙන් ඉල්ලා සිටිති.
දඹුල්ල, ගලේවෙල, සීගිරිය ,නවුල, පොළොන්නරුව ,හබරණ, මැදිරිගිරිය ,ගල්කිරියාගම, ආදී ප්‍රදේශවල මෙවර විශාල වශයෙන් දේශීය ලොකු ලූනු වගා කොට තිබේ
මේ දිනවල සීගිරිය ප්‍රදේශයේ වැඩි වශයෙන් ලොකු ළුනු වගා කර ඇති අතර අස්වැන්න නෙළීමේ කටයුතු ආරම්භ කොට ඇතැයි සීගිරිය ලොකු ලූනු ගොවීන් පවසති.
තමන්ගේ අස්වැන්න සඳහා මේ දිනවල රුපියල් හැත්තෑ වත් අසුවත් අතර මිලක් පැවතියද එම මිල ගණන් යටතේ වෙළෙන්දන් තම දේශීය නිෂ්පාදන මිලදී නොගෙන වෙළඳපොලේ ඇති පාකිස්තාන්යෙන් සහ ඉන්දියාවෙන් ගෙන්වා තිබෙන කිලෝවක් රුපියල් පනහේ සිට 65 දක්වා වූ මිලට අලෙවි කරන ලූනු මිලදී ගන්නා බව ගොවීන් පවසති.
සීගිරිය ප්‍රදේශයේයේ දේශීය ලොකු ලූනු අස්වනු නෙළීමේ කටයුතු ආරම්භ කොට ඇති ආකාරය පෙන්වා දෙන ගොවීන් කියා සිටින්නේ එක ලූනු කිලෝවක් කැපීම සඳහා කම්කරුවකුට රුපියල් තුනක මුදලක් ගෙවන බවයි .
රසායනික පොහොර නොමැතිවව මෙම මෙවර දැඩි අසීරුතා මධයේ තමන් වගා කළ බවද ගොවිහු පවසති.







