(කාංචන කුමාර ආරියදාස)
කාලයක් තිස්සේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ක්‍රියාත්මක වූ අතර මැදි වෙළඳාම හෙවත් නාඩි වෙළඳාම අද (02) සිට සම්පූර්ණයෙන්ම නවතා දැමීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ක්‍රියා කළ බව වෙළෙඳ සංගමයේ සභාපති චන්න ඇරැවුල මහතා පැවසීය.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට එළවළු රැගෙන එන ගොවීන්ට සහ එළවළු මිලදී ගැනීමට එන ව්‍යාපාරිකයන්ට මහත් හිරිහැරයක් ව පැවැති අතරමැදි වෙළදාම නිසා කරදර රැසක් සිදු වූ බව වෙළඳ සංගමයක් හැටියට එය නවතා ගැනීමට දැඩි උත්සාහයක නිරත වූ බවද සභාපති චන්න ඇරැවුල මහතා පැවසීය.
රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ දැනුම්දීම පරිදි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම නාඩි වෙළඳාම වහාම නතර කරන ලෙස තරයේ වෙළඳ සංගමයට දැනුම් දුන් බවත් ඒ අනුව කිසිම ආකාරයකින් මින් පසු නාඩි වෙළඳාම අතරමැදි වෙළඳාම සිදු කිරීමට ඉඩහසර ලබා නොදී පොලීසියේ සහාය ඇතිව ක්‍රියා කරන බව සභාපතිවරයා සඳහන් කළේය.
අතරමැදි වෙළදාම හෙවත් නාඩි වෙළඳාම සිදු කරනු ලබන්නේ උදෑසන කාලයේ ගොවීන් රැගෙන එන එළවළු අඩු මුදලකට කණ්ඩායමක් පැමිණ මිලදී ගෙන ආර්ථික මධ්‍යස්ථාන තුළම තබා ගෙන නැවතත් පිටතින් එන වෙළෙන්දන් ට වැඩි මුදලට අලෙවි කිරීම සිදු කරගෙන ගිය බව සභාපති චන්න රැවුල මහතා සඳහන් කළේය .
මේ නිසා ගොවි ජනතාව මෙන්ම ව්‍යාපාරිකයින් ද අසීරුතාවයකට පත්ව තිබෙන බවත් මින් ඉදිරියට ගොවියා සහ ආර්ථික මධ්‍යස්ථාන වෙළෙන්දා එළවළු මිලදී ගැනීම සඳහා පැමිණෙන ව්‍යාපාරිකයා අතර පමණක් ගණුදෙණු සිදුකෙරෙන බවද ඒ මහතා පැවසීය.
යම් හෙයකින් අතරමැදි වෙළඳ කණ්ඩායම් ආර්ථික මධ්‍යස්ථානය තුළ නැවත ක්‍රියාත්මක වීම වුවහොත් වහාම නීතිමය පියවර ගන්නා බවත් ඒ සඳහා දැනටමත් පොලිසියේ ආරක්ෂාව යොදවා තිබෙන බවද හෙතෙම සඳහන් කළේය .




