දඹර අමිල හිමිගෙන් අලුත් සංවිධානයක්
අධිරාජ්‍ය විරෝධය හදවතේ කොටාගෙන එය ජීවන රටාව බවට පත්කරන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බව අධිරාජ්‍ය විරෝධී ජනතා ව්‍යාපාරයේ සම කැඳවුම්කරු දඹර අමිල හිමියෝ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවැසූහ.
රජය අධිරාජ්‍යවාදීන් සමග අත්වැල් බැදගෙන ඇති බවටත්, ඇමෙරිකාවට ලංකාවට එන්නට මග දොර විවර කර ඉන්දියාවට ජනේලයක් විවර කර දී ඇති බවටත් ඒ හිමියෝ චෝදනා කළහ.
අමිල හිමි දේශ හිතෛශී ජාතික ව්‍යාපාරයේ සංවිධානයකටද නායකත්වය දුන්නේය.

