දඹදිව වන්දනා ගමන් තාවකාලිකව නවත්වන්නැයි උපදෙස්


දඹදිව වන්දනා ගමන් තාවකාලිකව අත්හිටුවන්නැයි වන්දනා ගමන් සම්බන්ධව කටයුතු සංවිධානය කරන ආයතන සහ අදාළ බලධාරීන් දැනුවත් කිරීමට බුද්ධ ශාසන අමාත්‍යංශය පියවර ගෙන ඇත.

කොරෝනා වයිරසය ලොව පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පැවතීම හේතුවෙන් මෙම ක්‍රියාමාර්ගය ගත් බව බුද්ධ ශාසන අමාත්‍යංශයේ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතා පැවසුවේය.