දම්සෝ දියණියක මැති සබේ ලොකු පුටුවකට
කුෂාණී රෝහණධීර මහත්මිය පාර්ලිමේන්තුවේ සහාකාර ලේකම් ලෙස වැඩ බාර ගත්තාය. නීල් ඉද්දමල්වල මහතා නියෝජ්‍ය මහා ලේකම් ලෙස පත්වීම නිසා මේ පුරප්පාඩුව ඇතිවිය. නීතිවේදී හරිගුප්ත රෝහණධීර මහතාගේ බිරිය වන කුෂාණි 1999 දී පාර්ලිමේන්තු නිලධාරිනිය ලෙස සේවයට එක් වූවාය. අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ ආදි ශිෂ්‍යාවක වන ඇය 1995 දී කොළඹ සරසවියෙන් උපාධිය දිනා 2008දී විවෘත විශ්ව විද්‍යලයෙන් එල්.එල්.බී. උපාධිය ද හිමිකැර ගත්තාය.

