දනූන එද්දී ආච්චි ගෙදර නෑ


හිටපු යුදහමුදාපති සරත් ෆොන්සේකාගේ බෑනා වන දනූන  තිලකරත්න වරෙන්තුකරුවකු වී සිටියදී ඔහුට නවාතැන් දුන්නැයි ඔහුගේ මිත්තනිය එලන් විමලා තිලකරත්නට (80) එරෙහි නඩුව කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා ඉදිරියේ විභාගයට ගැනිණි. තිලකරත්නගේ සේවක එස්. ජයන්ත ජයපාල සාක්කි දෙමින් කියා සිටියේ දනුන ගෙදර එන විට තිලකරත්න එහි නොසිටි බවයි. දනුන නිවෙසින් ගිය වේලාවද නොදන්නා බව ඔහු කීවේය. ජනාධිපති නීතිඥ ආනන්ද විජේසේකර මහතා සාක්කිරුගෙන් හරස් ප‍්‍රශ්න ඇසුවේ නැත. නඩුව ජූලි 4 වැනිදාට කල් ගියේය.