දනුනගේ මවට එරෙහි නඩුව නොවැම්බරයේ
නීති විරෝධී ලෙස ඇමෙරිකා ඩොලර් 526ක් හා බ්‍රිතාන්‍ය පවුම් 100ක් තිඹිරිගස්යායේ බැංකු ලොකරයක තැන්පත් කැර තැබීයැයි දනුන තිලකරත්නගේ මව අශෝකා තිලකරත්නට එරෙහි නඩුව නොවැම්බර් පස් වැනි දා කොළඹ මහාධිකරණයේ දී විභාගයට ගැනීමට යයි. විනිසුරු සුනිල් රාජපක්ෂ මහතා නඩුවේ දින නියම කෙළේය. අශෝක තිලකරත්න යනු හිටපු යුද හමුදාපති සරත් පොන්සේකාගේ බෑන වන දනුනගේ මවයි.

