මහා සංඝරත්නය බස්නාහිර පළාතේ සිට සබරගමුව පළාතට අහසින් වඩින මෙම දර්ශනය ඇස ගැසුණේ බුලත්සිංහල අතුර ශ‍්‍රී ඥානාලෝක මහා පිරිවෙන් විහාරාධිපති බස්නාහිර හා ඌව වෙල්ලස්ස ප‍්‍රධාන සංඝනායක යටගම්පටියේ ඥානාලෝක හිමියන් ප්‍රමඛ මහා සඟ රුවන බිනර පෝදා (08) දායක නිවසකට කොස්ගුලනේ මේ වැල් පාළමෙන් වැඩම කරද්දීය.
මේ පාළම කුකුළේ ගඟ පතුලේ සිට අඩි 750 ක් පමණ උසය.අඩි දහසක් පමණ දිගය.අඩි තුනක් පළලය.
වසර කිහිපයකට පෙරදී දෙකයි දෙකේ ලෑලි සහ කිතුල් ලැලි කෑලි 400 ක් පමණ යොදා කම්බි හතරක ආධාරයෙන් ඉදිකළ මෙම පැද්දෙන පාලම දැන් හොඳටම අබලන්ය.
කුකුළේ ගඟ හරහා බස්නාහිර හා සබරගමුව සම්බන්ධ කොට කුකුළේ ගඟ මාර්ගයේ කොස්ගුලන විද්‍යාලය අසල සිට සබරගමුවේ කලවාන කොලඹෑව ගම හරහා අයගම ඇතුළු ගම් රැසකට පිවිසීමට ඇත්තේ මෙම මරු කපොල්ලයි.





