දත ගැළවූ දරුවාට වලිප්පු බෙහෙත් දීලා


දතක් ගැලවීමෙන් පසුව නව හැවිරිදි දරුවකුට දන්ත වෛද්‍යවරයා විසින් නියම කැරුණු බෙහෙත් වෙනුවට වලිප්පුවට දෙන බෙහෙත් දුන්නැයි සැකපිට මහනුවර පේරාදෙණි පාරේ බෙහෙත්හල් හිමියකු, ඖෂධ වේදිනියක බව කියන කතක හා සේවකයකු  අත්අඩංගුවට ගත් බව මහනුවර පොලීසිය කියයි.

මේ වැරදි බෙහෙත් බිව් දරුවා පේරාදෙණිය සිරිමා බණ්ඩාරනායක ළමා රෝහලේ දින පහක් ප්‍රතිකාර ලැබීය.