ඉන්දිකා රාමනායක
දඩ පති‍්‍රකා නොමැති බව පවසා රියදුරන් අපහසුතාවට පත්කරමින් රථවාහන නීතිය කි‍්‍රයාත්මක කරන පොලිස් නිලධාරීන්ට එරෙහිව වින්‍යානුකූල කි‍්‍රයාමාර්ග ගන්නා බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව බාර අධ්‍යක්ෂ සහ අධීවේගී සංචාරක කොට්ඨාසය බාර පොලිස් අධිකාරි ඉන්දික හපුගොඩ මහතා පැවසීය.
රථවාහන දඩ පොත් පොලිස් ස්ථානවල අවශ්‍ය ප‍්‍රමාණයට ඇති බවත් ඇතැම් නිලධාරීන් එම පති‍්‍රකා රැගෙන නොයා රියදුරන්ට නීතිය කි‍්‍රයාත්මක කිරීම හේතුවෙන් රියදුරන් දැඩි අපහසුතාවට පත්වන අවස්ථා මාධ්‍ය මගින් ද වාර්තා කර ඇති බවද ඒ මහතා කියා සිටියේය.
ඉකුත් දා මාතලේ රථවාහන කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා රියදුරකුට දඩපති‍්‍රකා නොමැති බවට දන්වා නීතිය කි‍්‍රයාත්මක කර රියදුරකු අපහසුතාවට පත්කර ඇති තිබු බවත් එම සිද්ධිය විද්‍යුත් මාධ්‍ය හරහා වාර්තා වීමෙන් පසු අදාළ ස්ථානාධිපතිවරයා වහාම රථවාහන පොලිස් මුලස්ථානයට කැඳවා ඔහුගෙන් ප‍්‍රකාශ සටහන් කරගෙන ඔහු රථවාහන රාජකාරියෙන් ඉවත් කළ බවද හපුගොඩ මහතා කියා සිටියේය.
එම නිලධාරියාට එරෙහිව වින්‍යානුකූල කි‍්‍රයාමාර්ග ගන්නා බවද ඉන්දික හපුගොඩ මහතා වැඩිදුරටත් පැවසීය.