දකුණේ බේකරිවලින් රතු එළියක්


 (ජේ.කේ.එල්.චාමින්ද සහ රවි ලියනගේ)

විදුලිබිල අධික ලෙස වැඩිකිරිමට ගත් තින්දුවත් සමග  බේකරි කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ලවි ඇති බවත් මේ නිසා අකමැත්තනේ හෝ බේකරි කෑම වර්ගවල මිල ඉහල දැමිමට සිදුවන බව දකුණු පළාත්  කුඩා හා මධ්‍ය පරිමාන බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති කමල් පෙරේරා මහතා පවසයි.

ගාල්ලේ දි පැවති මාධ්‍ය හමුවකදි හෙතෙම මේ බව සදහන් කළේය. විදුලිබිල අධික ලෙස ඉහල දැමිම නිසා බේකරි කෑම නිෂ්පාදනය කිරිමේ සිට අලෙවිකරණ තෙක්  මෙම කර්මාන්තයට දැඩි බලපැමක් එල්ලවි ඇති බවද කමල් පෙරේරා මහතා පවසයි. 

බේකරි කර්මාන්තයට හා සාමාන්‍ය ජනජිවිතයට  විදුලිය  අත්‍යවශ්‍ය දෙයක්.  විදුලිය මේ අයුරින් ඉහල ගියවිට බේකරි කර්මාන්තයේ පිටි ටික අනන තැන සිට පාන් ටික පුච්චලා කෑම ටික හදලා අලෙවි සැලේ අලෙවිකරණ තෙක්  විදුලිය අත්‍යවශ්‍ය වෙනවා. බේකරි  නිෂ්පාදනයට මෙන්ම අලෙවි කිරිමට සියයට සියයක් විදුලිය අවශ්‍ය වෙනවා.මේ නිසා කොහොමද අපි බේකරි කර්මාන්තය කරගෙන යන්නේ.පසුගිය දිනවල ගෑස් මිල  හොර රහසේම වැඩිකළා.

පාරිභෝගිකයින්ට මේ බර දරන්න බැරි නිසා  බේකරි කෑමවල මිල ඉහල දැම්මේ නැහැ. විදුලිබිලත් දරාගන්න බැරි විදියට ඉහල දැමුවිට අපි කොහොමද මේ කර්මාන්තය කරගෙන යන්නේ. පාරිභෝගිකයාට අවශ්‍ය කෑම ටික හදලා අපි කොහොමද පාරිභෝගිකයින්ට ලබාදෙන්නේ .මේ නිසා අකමැත්තෙන් හෝ බේකරි කෑම වර්ගවල මිල ඉහල දැමිමට සිදුවන බව ද කමල් පෙරේරා මහතා වැඩිදුරටත් සදහන් කළේය.