දකුණේ ගණිත ප්‍රශ්න පත්‍රය පිටවෙලා
දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව 9 හා 10 ශ්‍රේණි සිසුන් වෙනුවෙන් සැකසූ ගණිත ප්‍රශ්න පත්‍රය ටියුෂන් ගුරුවරුන් පිරිසක් පත් වුයේ කෙසේදැයි සෙවීමට පොලිසියේ සහාය පතන බව දකුණු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ කිත්සිරි ලියනගමගේ මහතා කියයි. ඔහු නියෝජ්‍ය පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාට මේ ගැන පැමිණිලි කෙළේය. සිසුහු බ්‍රහස්පතින්දා එම ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවූහ. එදා උදේ පහට මාතර නූපේ උපකාර පන්ති දෙකක සිසුන් එවැනි ප්‍රශ්න පත්‍රයකට පිළිතුරු දී ඇතැයි ද ලියනගම මහතා කියයි.

