දකුණේ කාර්මිකයෙක් ටියුබය විශ්‍රාම ගන්වයි


හුළං පිරවූ කුඩා රබර් බෝල ටයරයකට ඇතුළු කර ඕනෑම රළු මතුපිටකින් ධාවනය කළ හැකි ටියුබ් නැති ටයරයක් හඳුන්වා දීමට යක්කලමුල්ල කොට්ටව විදුලි කාර්මිකයෙක් සමත් වී සිටී.

සම්ප්‍රදායික ටියුබය වෙනුවට මෙම රබර් බෝල තාක්ෂණය බස් කාර් ලොරි, යතුරුපැදි, පාපැදි ඇතුළු ඕනෑම වාහනයකට යොදා ගත හැකි බව යක්කලමුල්ලේ චමින්ද ජයසිංහ නම් විදුලි කාර්මිකයා කියයි.

මේ ටයරය සඳහා ඔහු පේටන් බලපත්‍රය ගැනීමට ද ඉල්ලුම් කැර ඇත.