දකුණු පළාතේ අනාථ දරුවන් අඩුවෙයි


( සුමතිපාල දීයගහගේ)  
 පරිවාස හා ළමා රක්ෂක දෙපාර්තමේන්තුව යටතේ දකුණු  පළාත තුළ  ක්‍රියාත්මකවූ ළමා නිවාස 36 ක සංඛ්‍යාව මේවන  විට 29 දක්වා අඩු කර ගැනීමට හැකිවී ඇතැයි දකුණු පළාත් පරිවාස හා ළමා රක්ෂක කොමසාරිස් මහේෂ් කරුණානායක මහතා පවසයි.

 එමෙන්ම මෙම ළමා නිවාසවල සිටි 1550 ක් පමණ  වු දරුවන් සංඛ්‍යාවද 850 දක්වා අඩුකර ගැනිමටද හැකිවී  ඇත. 

 මේ පිළිබද වැඩි දුරටත් අදහස් දැක්වූ මහේෂ් කරුණානායක  මහතා මෙසේ කීය.

‘දරුවන් ළමා නිවාසගත නොවිය යුතුය යන  සිද්ධාන්තය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න මට අවශ්‍ය වුණා. ඒ අනුව දකුණේ ළමා නිවාස සංඛාව මේ වන විට අඩුකර ගැනිමට හැකිවි තියනව. ඒ සදහා වැඩ පිළිවෙළක් ආරම්භ කළා. කුල වද්දා ගැනිම සදහා වයස් කාණ්ඩ අනුව දරුවන් අධිකරණය වෙත යොමු කර දරුවන් නැති දෙමාපියන්ට එම දරුවන් ලබාදිම, වයස අවුරුදු 16 පිරුණු පාසල් නොගිය දරුවන් වෘත්තීය පුහුණු අධ්‍යාපනයට යොමුකර එම පුහුණුවෙන් පසුව රැකියාගත කිරිම, දෙමාපිය ගැටලු ඇති දරුවන් සුදුසු භාරකාරත්වයට පමුණුවා ආරක්ෂිත පරිසරයක් පිළිබද සෑහිමට පත්වන්නේනම් භාරකාරත්වයට පත් කිරිම, නිසි වයස සම්පුර්ණවු දරුවන් විවාහ කටයුතුවලට යොමු කිරිම, නිවාස නොමැති නිසා ළමා නිවාසගතවි සිටින දරුවන් සදහා නිවාස ඉදිකරවාදි එම දරුවන් සුරක්ෂිතව නැවත නිවාසගත කිරිම යටතේ ළමා නිවාස සංඛ්‍යාව අවම කර ළමා නිවාසගත දරුවන් සංඛ්‍යාවද අඩු කර ගැනිමට හැකි වුණා.

එමෙන්ම දකුණු පළාත් පරිවාස හා ළමා රක්ෂක දෙපාර්තමේන්තුව හා ප්‍රාදේශීය කාර්යාල එකොළහක් මගින් එම කටයුතු අධික්ෂණය කිරිම මෙම වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කිරිමට වඩාත් පහසු වුනා යයිද මහේෂ් කරුණානායක මහතා පැවසිය.