(ටී.කේ.ජී.කපිල)
දකුණු කොරියාවේ සිට අද(10) අලුයම කටුනායක ගුවන් තොටුපළට පැමිණි ගුවන් මගීන් පිරිසක්, මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාලය වෙත රැගෙන යාමට බලධාරීහු පියවර ගත්හ.
ඔවුහු නීරෝධායනය සඳහා යොමුකරන ප්‍රථම ගුවන් මගී කණ්ඩායම වෙති.
එහි ශ්‍රී ලාංකික ගුවන් මගීහු 164 ක් සහ කොරියානු ජාතික ගුවන් මගීහු දෙදෙනෙක් සිටියහ.
ඒ සම්බන්ධව කටයුතු කරන නිලධාරීහු සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් සපයා තිබූ බස් රථ 5 ක් මගින් ඔවුන් මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාලය වෙත රැගෙන ගියහ.
(ඡායාරූප - නිමල් ජයරත්න)





