දකුණු කොරියාව-ඉතාලිය-ඉරානයට ශ්‍රී ලංකාවෙන් තාවකාලික තහනමක්


( රොමේෂ් ධනුෂ්ක සිල්වා )

දකුණු කොරියාව ඉතාලිය සහ ඉරානයේ සිට  ශ්‍රී ලංකාවට  හෙට (14) සිට  සති දෙකක කාලයක්  ගුවන් මගීන්  රැගෙන ඒමෙන්  වළකින ලෙස   ශ්‍රී ලංකා ගුවන්සේවා  අධිකාරිය සියලුම ගුවන් සමාගම්වලට දැනුම් දී තිබේ.

මෙම රටවල්  කොරෝනා අසාදිතයින් වැඩි වශයෙන් වාර්තාවන  රටවල් බැවින් මෙම පියවර ගෙන ඇතැයි  රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.