දකුණු ආසියානු කනිෂ්ඨ මේස පන්දු තරගාවලියේදීශී‍්‍ර ලංකාවට රිදී පදක්කම් 4ක්, ලෝකඩ පදක්කම් 9 ක්
ඉන්දියාවේ පැවැති දකුණු ආසියානු කනිෂ්ඨ මේස පන්දු තරගමාලාවේ කේවළ තරගාවලියේදී රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් අටක් දිනා ගැනීමට ශ්‍රී ලංකා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ සමත්වුහ. කණ්ඩායම් ඉසව්වලදී රිදී පදක්කම් තුනක් සහ ලෝකඩ පදක්කමක් දිනාගත් ශ්‍රී ලංකාවට කේවළ ඉසව්වල මෙම තරග ප‍්‍රතිඵලයත් සමග රිදී පදක්කම් හතරක් සහ ලෝකඩ පදක්කම් 9 ක් හිමිවිය.
ඉන්දියාවේ ශිලොන්ග්හිදී පැවැති මෙම තරගමාලාවේ අවසන් දිනයේදී (19 වැනිදා) කේවළ තරගාවලිය පැවැත්විණ. තරගාවලියට ශ්‍රී ලංකාවෙන් වයස 15 න් පහළ සහ 18 න් පහළ (බාලක/බාලිකා) කණ්ඩායම් දෙකක් සහභාගිවිය.රුවිනි කන්නන්ගර සහ චන්දිමා මධුෂාණී වයස 18 න් පහළ (බාලිකා) යුගල ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට සමත්වුහ. අවසන් තරගයේදී වට තුනක තියුණු තරගයකින් පසුව ඉන්දියාවේ ටී.
රිෂ්යා සහ මල්ලිකා බන්දකාර් හමුවේ (14/12, 11/5, 11/6) ශ්‍රී ලංකා ක‍්‍රීඩිකාවෝ පරාජය ලැබුහ. අවසන් පුර්ව තරගවලදී පරාජය වු සුපුන් සිරිසේන සහ නුවන් ජයසුන්දර (බාලක - යුගල), චන්දිමා මධුෂාණී (බාලිකා - කේවළ), රුවිනි කන්නන්ගර (බාලිකා - කේවළ), සුපුන් සිරිසේන (බාලක - කේවළ), 18 න් පහළ වයස් කාණ්ඩයෙන් ලෝකඩ පදක්කම් දිනාගත්හ. උදය රණසිංහ (බාලක - කේවළ), ප‍්‍රසාද් ජේ. ද සිල්වා (බාලක - කේවළ), මුතුමාලි ප‍්‍රියදර්ශනී (බාලිකා - කේවළ) සහ පවනි සිරිසේන (බාලිකා - කේවළ) 15 න් පහළ වයස් කාණ්ඩයේ අවසන් පුර්ව තරගවලදී පරාජය වෙමින් ලෝකඩ පදක්කම් හිමිකර ගත්හ. මෙම තරගාවලියට සත්කාරක ඉන්දියාව, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, පාකිස්තානය, නේපාලය, මාලදිවයින සහ භූතානය යන රටවලින් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ සහභාගිවුහ.

