(අමල් වික්‍රමරත්න)
දක්ෂිණ අධිවේගී මාර්ගයේ (25) අද පෙරවරුවේ සිට දැඩි රථවාහන තද බදයක් පවතින අධිවේගී මාර්ග නඩත්තු සහ මෙහෙයුම් අංශයේ අධ්‍යක්ෂක සමන් ඕපනායක මහතා පැවසීය.සති අන්ත නිවාඩුවත් පාසල් නිවාඩු කාලයත් නිසා දිනපතාම ධක්ෂින අධිවේගී මාර්ගයේ දෛනිකව ගමන් ගන්නා වාහන ප්‍රමාණය බොහෝ සෙයින් ඉහල ගොස් ඇති බව ඒ මහතා පැවසීය.
බොහෝ විට උදෑසන සහ සවස් කාලයේ කඩවත ,අතුරුගිරිය ,පින්නදූව සහ ගොඩගම යන ස්ථානවල පිවිසුම සහ පිටවීමෙ මාර්ග වල තද බදයක් හටගෙන ඇතිබවද ඔහු පැවසීය.
මේ වනවිට සාමාන්‍යයෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ දෛනිකව රථවාහන හැත්තෑ දහසක් ගමන් කරන බවත් අද දිනයේ දක්ෂිණ අධිවේගී මාර්ගයට ඇතුළත් කරන රථවාහන සංඛ්‍යාව එක්ලක්ෂ දස දහසද ඉක්මවා යාම මෙම රථවාහන තද බදයට හේතුව බව අධ්‍යක්ෂවරයා පැවසීය.
මේ හේතුවෙන් රථවාහන ධාවනයේදී විමසිලිමත් වන ලෙස ඔහු රියදුරන්ගෙන් ඉල්ලා සිටියහ.