(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොට්ටාව මා කුඹුර බස් නැවතුමේ සිට දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ ගාල්ල බලා ධාවන වෙමින් තිබූ කලවාන ඩිපෝවට අයත් බසයක් කහතුඩුව ප්‍රදේශයේදී හදිසියේ ගිනි ගැනීමකට ලක්ව තිබේ.
බසයේ රෝද හැරෙන්ට සෙසු සියලු කොටස් ගිනී ගැනීමට ලක්වතිබේ.
බසය ධාවනය වන අවස්ථාවේදී බසයෙන් දූමාරයක් පිටවනු දැකීමෙන් බසයේ රියදුරු ඉදිරිපස දොර විවෘත කර බසයේ සියලු මගීන් ආරක්ෂාකාරීව බස්සවා ගිනි නිවන උපකරණයකින් ගින්න නිවීමට උත්සාහ කළත් එය පළක් නොවී ඇතැයි රියරුදු සඳහන් කළ බව පොලීසිය කියයි.
අනතුර සිදු වන අවස්ථාවේදී රියදුරු සහ කොන්දොස්තර සහිතව බසයේ මගීන් 43 දෙනකු ගමන් කර ඇත.
ඔවුන් දක්ෂිණ අධිවේගී මාර්ග පොලිසියට මේ පිළිබඳව දැනුම් දීමෙන් පසු පොලිස් විශේෂ කාර්ය බළකායෙන් පැමිණ ගින්න නිවීමට කටයුතු කර තිබේ.
මේ හේතුවෙන් ගාල්ල දිසාවට මාර්ගයේ කිලෝමීටරයක් පමණ දුරට දැඩි රථවාහන තද බදයක්ද පවතී.





