දක්ෂිණ අධිවේගයේ අතරමග පිවිසුම්වලින් මගීන් නංවා ගැනීමේ පහසුකම් සලසන්න යයි


( ජයන්ත සමරකෝන්)
දක්ෂිණ අධිවේගී මාර්ගයේ  ධාවනය වන  මගී ප්‍රවාහන බස් රථවලට අතර මග පිවිසුම් වලින් මගීන් නංවා ගැනීමට  සහ බැස්සවීම සඳහා  පහසුකම් සැපයීමට අදහස් කර ඇති බවත් ඒ සඳහා ජාතික ගමනාගමන කොමිසම ලබා දෙන නිර්නායක දන්වන ලෙසත්  මාර්ග සංවර්ධන අධිකාරිය ජාතික ගමනාගම කොමිසමට දැනුම් දී තිබේ

මෙවැනි සැළැස්මක් ක්‍රියාත්මක කිරීමට  අදහස් කර ඇත්තේ  ප්‍රථම  දක්ෂිණ අධිවේගී මාර්ගය ඉදිකර වසර 9 කට පසුවය.
 
දියමන්ති  හැඩයෙන් යුතු කහතුඩුව, කඩුවෙල, දොඩන්ගොඩ, වැලිපැන්න, බද්දේගම, කසාගල, අඟුණකොළපැළැස්ස, බරවාකුඹුර  යන පිවිසුම් ස්ථානයන්හිදී  මෙම පහසුකම් සැපයිය හැකි බවද  මාර්ග සංවර්ධන අධීකාරිය කියයි.
 
මේ පිළිබඳව ජාතික ගමනාගමන කොමිසම වැඩපිළිවෙළක් සකස්කර  ඒ බව මාර්ග සංවර්ධන අධිකාරියට දැනුම්දුන් පසු අදාළ පිවිසුම් ස්ථානවල   අවශ්‍ය පහසුකම් සළසන බවද එම අධිකාරීවරයා සඳහන් කරයි.