දඔුල්ලෙන් දිනකට ලක්ෂ 25 ක ආදායමක්


දඹුල්ල ලෙන් විහාර  නැරඹීමට පැමිණෙන විදෙස් සංචාරකයන් සඳහා ප්‍රවේශපත්‍ර අලෙවිකරිමෙන් දිනකට රුපියල් මිලියන 2.5 කට වැඩි ආදායමක් ලැබෙන බව තහවුරු වී ඇති බව  මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා පැවසීය.
 
රන්ගිරි දඹුලු ලෙන් විහාරයන්හි සංරක්ෂණ කටයුතු සිදුකරන මධ්‍යම සංස්කෘතික අරමුදලේ සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිළධාරීන්ට වහාම ඉවත් වන ලෙස විහාර පාර්ශ්වය දැනුම් දුන්න ද ඒ සඳහා හේතුවක්  ප්‍රකාශ නොකළ බවද හෙතෙම කීවේය.
 
දඹුලු ලෙන් විහාර සංකීරණ සංරක්ෂණ කටයුතු රජය විසින් කඩිනම් කළ යුතුව ඇති බව ද ඒ සඳහා සියලු පාර්ශ්ව එකගතාවයකට පමිණිය යුතු බවද ගුණවර්ධන මහතා පැවසීය.
 
ඔහු මේ බව පැවසුවේ අද(26) පැවති මාධ්‍ය හමුවකදීය.
 
044