දංකොටුවේ කඩයක් ගින්නෙන් දැවේ


(හේමලතා ඞී හේවගේ)

දංකොටුව නගරයේ පිහිටි  වෙළඳ සැලක් තුල  ඇතිවූ ගින්නකින් එම වෙළද සැලට දැඩි අලාභහානි සිදුව ඇතිබව දංකොටුව පොලීසිය පවසයි

ප්ලාස්ටික් භාණ්ඩ ,පාවහන් හා රබර් ආශ‍්‍රත නිෂ්පාදන, මදුරු දැල් සහ අටපිරිකර ඇතුඵ පූජා භාණ්ඩ මෙම ගින්නෙන් විනාශවී ඇතැයි ද පොලිසිය කියයි. 

විදුලි කාන්දුවක් හේතුවෙන් මෙම ගින්න හටගෙන ඇතිබව පොලීසිය සැකකෙරේ

මීගමුව ගිණි නිවන ඒකකය සමග නගරවාසීන් පොලීසිය එක්ව ඉමහත් පරිශ‍්‍රයක් යොදා අසල යාව තිබෙන වෙළඳ සැල්වලට ගින්න පැතිරයාමට නොදී පාලනය කරනු ලැබීය

ගින්නෙන් විනාසවූ භාණ්ඩවල ආලභ හානිය මෙතෙක් ගනන් බලා නොමැත