දංඕවිට අනතුරින් 63 ක් රෝහලේ


කොළඹ නුවර පාරේ දංඕවිටදී අද අලුයම  පෞද්ගලික බසයක්, ලංගම බසයක් හා කාරයත් ගැටී  63 දෙනෙකු  රෝහල් ගත කරනු ලැබීය.

වාහන වලට දැඩි අලාභ සිදු විය.

අපේ මාවනැල්ල මාධ්‍යවේදී සමන් විජයබණ්ඩාර ද මේ අනතුරින් තුවාල ලබා සිටි.

තුවාල ලබා සිටියදී රෝහලට යන්නට පෙර ඔහු අනතුරේ ඡායාරූප හා වාර්තාව අපට ඉදිරිපත් කළේය.

මුලින්ම තුවාලවලට ප්‍රතිකාර ගන්නැයි ලංකාදීප කාර්යාලය ඔහුට උපදෙස් දුන්නත් ඔහු සිය රාජකාරිය මුලින්ම ඉටු කරන බව ඔහු අපට දැන්වීය.

_____-____-______-______-_____-______-__-___-_____ DSC_2695 DSC_2713 DSC_2760 hhhh