ද ෆිනෑන්ස් ගනුදෙනුව නවතී


ජාතික ඉතිරිකිරීමේ බැංකුව ද ෆිනෑන්ස් සමාගමෙන් කොටස් මිලට ගැනීමේ ගනුදෙනුව අත්හිටවීමට බැංකුවේ අධ්‍යක්‍ෂ මණ්ඩලය තීරණය කළේය. ද ෆිනෑන්ස් සමාගමේ කොටස් ලක්‍ෂ 78ක් රුපියල් තිස් නවකෝටි තිස් ලක්‍ෂයකට මිලදී ගැනීමට තීරණය වී තිබිණි. ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ අධ්‍යක්‍ෂ මණ්ඩලය මුදල් අමාත්‍යංශ ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දර සමග පැවැති සාකච්ඡාවකදී ගනුදෙනුව අත්හිටවීමේ තීරණය ගෙන ඇත.