ත‍්‍රිත්ව විදුහල් ක‍්‍රීඩකයෝ ඉසිපතනය පරාජය කරති


‘සිංගර්’ කුසලාන වයස 20 න් පහළ රග්බි තරගාවලියේ , වැනි කොටසේ ‘ඒ’ කාණ්ඩයේ තරගයේදී මහනුවර ත‍්‍රිත්ව විදුහල් ක‍්‍රීඩකයෝ ඉසිපතන විදුහල් අපරාජිත වාර්තාව බිඳ දමමින් ලකුණු 23-20 ක තියුණු ජයක් ලැබීමට සමත් වූහ. මෙම තරගය අද (20) සී. ආර්. පිටියේදී පැවැත්විණි. ඉසිපතන විදුහල පළමු අර්ධය අවසන් වන විට ලකුණු 12-11 ක් ලෙස පෙරමුණේ පසු වුව ද ත‍්‍රිත්ව ක‍්‍රීඩකයෝ දෙවැනි අර්ධයේදී වඩාත් ආක‍්‍රමණශීලිව ක‍්‍රීඩා කරමින් අවසාන දක්වා ඉසිපතනයට පෙරමුණට පැමිණීමට අවස්ථාව ලබානොදීමට වගබලා ගත්හ. ඉසිපතන ක‍්‍රීඩකයකු ත‍්‍රිත්ව ක‍්‍රීඩකයකුගෙන් පන්දුව ලබා ගැනීමට උත්සාහ කරමින්.. (ඡයාරූපය: ශාන්ත රත්නායක)