ත‍්‍රිත්ව විදුහල ලීග් රග්බි ශූරතාවට ආසන්න වෙයි
පාසල් රග්බි පාපන්දු සංගමය මෙහෙයවන වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ (2012) අටවැනි සතියේ තරග අවසන් වන විට මහනුවර ත‍්‍රිත්ව විදුහල පෙරමුණට පැමිණෙමින් ශූරතාව ආසන්නයට පැමිණීමට සමත්ව සිටියේය.
තෙවැනි ස්ථානයේ පසු වූ ත‍්‍රිත්ව විදුහල සහ පළමු ස්ථානයේ සිටි කොළඹ රාජකීය විදුහල අතර පසුගිය සතියේ පැවැති තරගයෙන් ලකුණු 34-11 ක පහසු ජයක් ලබමින් ත‍්‍රිත්ව විදුහල පෙරමුණට පැමිණීයේය.

