ත‍්‍රිත්ව ඝාතන සල්ලි ගන්නයි
දිඹුල කොටිගල ඩෙරික් ක්ලොයාර් වත්තේ වතු අධිකාරිගේ රියැදුරා ලෙස 35 වසරක් සේවය කැර විශ‍්‍රාම ගොස් සේවක බාරකාර අරමුදල් ගත් බව කියන සංගිලි කුමාරස්වාමි හා ඔහුගේ බිරියත් වත්තේ පුහුණුව ලබමින් සිටි දියණියත් වැල්ලවත්තට ගෙන වුත් මරා දැමීයැයි කියන සිද්ධිය ගැන ඔහුගේ පුත් ප‍්‍රසාන් වැදගත් තොරතුරු දනිතියි දිඹුල පොලිසිය කියයි. ඖෂධ නියෝජිතයකු බව කියන ප‍්‍රසාන් සති කීපයකට පෙර කොටගල ගොස් එම තිදෙනා කොළඹට කැඳවාගෙන ආ බවත් ඉන්පසු පසුගිය 16 වැනිදා ගෙදර ගොස් ඇති බවත් පොලිසිය කියයි.
ගෙදර අල්මාරි ඇතුළු සියලූ ස්ථාන දැඩි සෝදිසියට ලක් කළ පුද්ගලයා සොයාගැනීමටද පොලිසිය වෙහෙසෙයි.

