තෝරා 280ට බහී


මුහුදු මාළු මිල පහත වැටීම නිසා ධීවරයනට යන එන මං නැති වී යැයි මිරිස්සේ ධීවරයෝ අද මිරිස්ස ධීවර වරාය අසල උද්ඝෝෂණයක් කළහ. මාළු මිල වැඩි කරන්නැයි ඔවුහු ඉල්ලති. කොළඹ වෙළෙඳුන් මාළු මිලට නොගන්නා බව ද ඔවුහු කීහ. මාස හයකට පෙර රුපියල් 340ක් වූ බල මාළු කිලෝව අද රුපියල් 80 දක්වා ද, රුපියල් 500ක් වූ කෙලවල්ලා රුපියල් 180ක් දක්වාද, රුපියල් 580ක් වූ කොප්පරා 280 දක්වා ද, රුපියල් 650ක් වූ තෝරා කිලෝව රුපියල් 280 දක්වා ද පහත වැටී ඇත.