තේක්ක කැපු හමුදාවේ 11 ට දඩ


අම්පාර මාඔය බෝගමු යායේ තේකක් රක්ෂිතයේ අනවසරයෙන් ඇතුළු වී තේක්ක ගස් අටක් කැපු බවට වරඳ පිළිගත් යුද හමුදාවේ එකොළොස් දෙනකුට දෙහිඅත්ත කණ්ඩිය මහේස්ත්‍රාත් චාමර වික්‍රමරත්න මහතා රුපියල් විසිදහස බැගින් දඩ නියම කළේය.

කඳවුරක් ඉදි කිරීම සදහා මේ තේක්ක ගස් කැපු බව සැකකරුවෝ  උසාවියට කීහ.

මේ සිද්ධිය සම්බන්ධයෙන් උසාවියට ඉදිරිපත් කළ ලුතිනන් කියා සිටියේ තමාට උසස්වීමක් ලැබීමට ඇති බවයි.

ඒ අනුව ලුතිනන් රුපියල් ලක්ෂයක ඇප මත මුදාහළ මහේස්ත්‍රාත් මාර්තු හතර වැනිදාට නඩුව කල් තැබීය.