රෙදි සේදීමට යොදා ගන්නා රසායන වන කෝස්ටික් සෝඩා යොදා කසළ තේ යළි සකස්කැර පිටරට යවන කර්මාන්තශාලාවක් අම්බලන්ගොඩ රන්දොඹේ දී වටලා කසළ තේ කිලෝ 2400ක් පමණ ප්‍රමාණයක් සමග එහි හිමිකරු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි. වැටලීම සිදුකැර ඇත්තේ පොලිස් විශේෂ කාර්ය බලකායේ ගාල්ල හියාරේ කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසිනි. තේ නිෂ්පාදනයක් සිදුනොවන රන්දොඹේ ප්‍රදේශයේ වසර 15ක සිට තේ කර්මාන්තශාලාවක් නමින් මේ ව්‍යාපාරය පවත්වාගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි. විශේෂ කාර්ය බලකාය එහි යනවිට කසළ තේ කිලෝ 2000ට වැඩි ප්‍රමාණයක් ගෝනිවල දමා තිබූ බවත් කෝස්ටික් සෝඩා කලවම් කළ කසළ තේ කිලෝ 386ක් පැදුරුවල වේලෙන්නට දමා තිබූ බවත් පොලිිය කියයි.




