තේකොළ ටින් 12ක සඟවා වැහිලිහිනි කූඩු කිලෝ පහක් චීනයේ ගුවන්ෂෝ වෙත ගෙන යෑමට තැත් කළ චීන ජාතිකයකු (44) සැකපිට අත්අඩංගුවට ගත් බව රේගුව කියයි.
ඒවායේ වටිනාකම රුපියල් ලක්ෂ විස්සක් පමණ වෙතියි රේගුව පවසයි.
චීනයේ සුප් වර්ගයක් සෑදීමට වැහිලිහිනි කූඩු ගන්නා බව කියති.
ලංකාවේ වැහිලිහිනි කූඩු කිලෝවක් රුපියල් ලක්ෂ හතරක් පමණ වන අතර එය විදේශ රටවලදී කිලෝවක් ඩොලර් දස දහසකට පමණ (රුපියල් 1320000) පමණ අලෙවි කරන බව පැවසේ.

