දැරණියගල තේ කර්මාන්ත ශාලාවක නිපදවන තේ කොළවලට සෝඩියම් කාබනෙට් (අළුහුණු) මිශ්‍රකරන බවට ලැබුණු පැමිණිල්ලක් මත කෑගල්ල පාරිභෝගික අධිකාරිය සෝඩියම් බයි කාබනෙට් කිලෝග්‍රෑම් 25ක මල්ලක් කම්හලේ නිල නිවසකින් සොයා ගත්තේය.
තේ ඉක්මනින් වේලා ගැනීමට මේ ක්‍රමය අනුගමනය කරතියි කියති.
කම්හලේ නිෂ්පාදනය කළ තේකුඩු සාම්පල් කිහිපයක් තේ පර්යේෂණායතනයට යොමු කැර රස පරීක්ෂක වාර්තාවක් ලබා ගැනීමට නියමිත බව කෑගල්ල පාරිභෝගික අධිකාරිය කියයි.
කම්හලේ තේකොළ වලට මෙම රසායන ද්‍රව්‍ය මිශ්‍ර කැර ඇද්දැයි සොයා බැලීමට රස පරීක්ෂක වෙත යොමු කළ යුතු බවයි.
කම්හලේ සේවකයෝ කිහිප දෙනෙක් මෙසේ කීහ.
දැනට බොහෝ කාලයක සිට මෙම ක්‍රියා දාමය සිදු වෙනවා.සෝඩියම් කාබනෙට් දෙවැනි ඇඹැරුමට (තේ) යෝදනවා.අපි මේවා කියන්න ගියොත් අපේ රැකියාව නැති වෙනවා.නමුත් මේකේ ඉන්න මහත්වරුන් හතරදෙනෙක් හැර අනික් සියලු දෙනා මේකට විරුද්ධයි.
මේ වගේ රසායන ද්‍රව්‍ය යොදන්නේ අපේ කම්හලේ පමණක් නොවෙයි.තවත් කම්හල්වල වෙනවා.නමුත් අපිට කියන්න බෑ අපේ කම්හලේ තිබුණු සෝඩියම් කාබනෙට් කිලෝ 25 බෑග් 15 ක් තිබුණා.අහු වුණේ එකයි.නමුත් මෙහෙන් ගෙන ගිය සාම්පල් මාරු කරවෙනත් සාම්පල් ඉදිරිපත් කර නිදොස් වෙයි.නමුත් මේ කරනවා ඇසින් දැක්ක අපිට ප්‍රකාශ කරන්න බැරි අපේ රැකියාව වගේම ජීවිතයට ආරක්ෂාවක් තිබිය යුතු නිසා.

