තෙවැනි විජයග්‍රහණ පෙරහුරුව ගාලුමුවදොර


තිස් අවුරුදු කොටි ත්‍රස්තවාදය පිටුදැක රටට සාමය උදා කිරීමේ විජයග්‍රහණයේ තුන්වැනි සැමැරුම ත්‍රිවිධ හමුදා සේනාධිනායක මහින්ද රාජපක්ෂ ජනපති සහභාගීත්වයෙන් සෙනසුරාදා (19) ගාලු මුවදොරදී පැවැත්වීමට නියමිතය. මේ දිනවල ත්‍රිවිධ හමුදාව හා පොලිසිය පෙරහුරුවලට එක්වෙයි. දැනට සිරදඬුවම් විදින හිටපු යුද හමුදාපති සරත් පොන්සේකා එදින වන විට නිදහස් කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි රජයේ ආරංචි කියයි.