තෙවැනි තරගයටත් වර්ෂාවෙන් බාධා


ශ‍්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන තෙවැනි තරගයට (දිවා/රාත‍්‍රි) වර්ෂාවෙන් බාධා පැමිණීම නිසා මේ වන විට තරගය තාවකාලිකව නතර කර තිබේ. තරගය නතර කරන විට පළමුව පන්දුවට පහර දෙන නවසීලන්ත පිල  ඕවර 9 කදී එක කඩුල්ලක් දැවී ලකුණු 28 ක් ලබා සිටියේය.