(නිපුන් ගරුක)
මෙරට ජනතාවට කොවිඩ් මර්දන එන්නත් තෙවන මත්‍රාවක් ලබාදීමේ අවශ්‍යතාව තව මාස දෙක තුනක් තුළ ඇතිවන බවත් මේ වන විට ඒ සඳහා සාකච්ඡා පැවැත්වෙන් බවත් රිජ්වේ ආර්යයා රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජී. විජේසූරිය මහතා ප්‍රකාශ කළේය.
මේ වනවිට එන්නත් වර්ග පහක් පමණ මෙරට ලබාදී තිබෙන බවත්, තෙවන මාත්‍රාව ලබාදීමේ කාලසීමාව පැමිණෙන විට ලැබෙන එන්නත් ප්‍රමාණය සහ අනෙක් එන්නත් සමඟ දිය හැකි සුදුසු එන්නත් වර්ගය තෝරා ලබාදීමට කටයුතු කරන බව ජී. විජේසූරිය මහතා සඳහන් කළේය.
තෙවන මාත්‍රාව ලබාදිය යුතු පළමු කණ්ඩායම ලෙස සෞඛ්‍ය කාර්ය මණ්ඩලය හඳුනා ගෙන තිබෙන බවත් ඉදිරියේදී බරපතල තත්වයක් උදාවුවහොත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ආරක්ෂා කර ගැනීම ඉතා වැදගත් බවත් ජී. විජේසූරිය මහතා පැවසීය.
එන්නත් ලබාදීම සිදුකරන්නේ විද්‍යාත්මක කමිටුවක තීරණ මත පමණක් බවත් කිසිදු අයුරකින් දේශපාලනික, බලධාරීන්ගේ බලපෑම් මත හෝ නිළධාරීන්ගේ ඉල්ලීම් මත එය සිදුනොකරන බවද ජී. විජේසූරිය මහතා සඳහන් කළේය.
ඔහු මේ බව පැවසුවේ මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබාදෙමිනි.

