තෙල් වෘත්තීය සමිති නායකයන්ගෙන් ඉල්ලීමක්


(රංජන් කස්තුරි)

 

ඛනිජ තෙල් ගබඩා සංකීර්ණයේ කළමනාකාර අධ්‍යක්ෂකවරයා ලෙස පත් කිරිමට යෝජනා වී ඇති නිලධාරියකුට අක්‍රමිකතා චෝදනා එල්ලවී ඇති හෙයින් ඔහුව පත් නොකරන්නැයි එම ගබඩා සංකීර්ණයේ වෘත්තීය සමිති නායකයින් පිරිසක් විදුලිබල හා බලශක්ති ඇමැතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන් මහතාට අයත්ව තිබූ අමාත්‍යාංශයකට ඔහු කලක් සම්බන්ධව කටයුතු කර ඇති අතර එහිදී අක්‍රමිකතාවලට සම්බන්ධ වී ඇතැයි  ද එම වෘත්තීය සමිති නායකයින් විදුලිබල හා බලශක්ති ඇමැති මහින්ද අමරවීර මහතාට පවසා ඇත.

එම නිලධාරියා පත් නොකරන්නැයි ඉල්ලීමක් කරමින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යැවූ බවද ඔවුන් මහින්ද අමරවීර මහතාට පවසා තිබේ.