ඉන්ධන මිල වැඩි නොකරන බවත් එහෙත් විකිණුම් පිරිවැය සම්බන්ධ යාන්ත්‍රණයක් ලබන මස මුල දී ඉදිරිපත් කරන බවත් ඛණිජතෙල් හා පෙට්‍රෝලියම් වායු ඇමැති චන්දිම වීරක්කොඩි අද (10) පාර්ලිමේන්තුවේ දී පැවසීය. රජයේ වෙනත් ආයතන තෙල් සංස්ථාවට රුපියල් කෝටි 2500ක් ණය බවත් සංස්ථාවේ ණය රුපියල් කෝටි 47400ක් බවත් ඔහු කීවේය.

