රත්මලාන තෙලවල නේවාසිකාගාර අර්බුදය නොවිසඳීම නිසා සරසවියේ ශාස්ත්‍ර හා අධ්‍යාපන පීඨ දින නියමයක් නැතිව වසා දැමුණු බව විශ්ව විද්‍යාල ප්‍රකාශකයෙක් කියයි.
සඳුදා (24) උදේ අටට පෙර සියලු සිසුන් නේවාසිකාගාරයෙන් ඉවත් විය යුතු බව ද විශ්ව විද්‍යාලය කියයි.
සිසුන්ගේ ඉල්ලීම වූයේ නේවාසික ගාස්තු රුපියල් 1000 දක්වා අඩු කරන ලෙසයි.
නේවාසිකාගාරයේ සම්බන්ධීකාරක කථිකාචාර්ය ඉන්ද්‍රජිත් අපොන්සු මහතා එම ප්‍රශ්නය විසඳීමට ගත් උත්සාහය ද අසාර්ථක විය.
නේවාසිකාගාර ප්‍රශ්නය පිටුපස අදිසි බලවේගයක් ඇතැයි සරසවි ආරංචි කියයි.

