තෙන්නකෝන් පවුලට මඩ ගහනවාලු


මාතලේ සංවර්ධනයට ලැබුණු මුදල් තෙන්නකෝන් පදනමේ ගිණුමට ආණ්ඩුවේම නියෝජ්‍ය ඇමති වරයකු කරන චෝදනාව ඔප්පු කළොත් දේශපාලනයෙන් ඉවත් වන බව මධ්‍යම පළාත් ක්‍රීඩා ඇමති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා මාධ්‍ය හමුවක් කැඳවා ප්‍රකාශ කළේය.

   රජයේ නියෝජ්‍ය ඇමතිවරයකු තෙන්නකෝන් පවුල ට මඩ ගැසීම නතර කරන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉල්ලා සිටින බවද ඔහු කීවේය.

කර්මාන්ත නියෝජ්‍ය ඇමති ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතාගෙන් විමසීමේදී කිවේ තමන් එවැනි ප්‍රකාශ කර නැති බවයි. මුදල් පුද්ගලික ගිණුම් වලට බැරකළ නොහැකි බව පමණක් කියා ඇති බවද ඔහු කීවේය.