තෙත් බිම් දිනය වෙනුවෙන් මුද්දර 10 ක්


(විනීතා එම් ගමගේ)
 
ලෝක තෙත්බිම් දිනය නිම්ත්තෙන් තෙත් බිම් හා ආවේණික ශාක ඇතුළත් මුද්දර 10 ක් නිකුත් කිරීමට නියමිතය.
 

ඒ නිමිත්තෙන් සඳුදා  (03 )  මධ්‍යම පරිසර අධිකාරිය හා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් බත්තරමුල්ල අපේ ගම පරිශ‍්‍රයේ පෙරවරු 8.30 ට සමරු උත්සවය පැවැත්වෙයි.

 
‘ජෛව විවිධත්වයෙන් සපිරුණු තෙත් බිම‘ මෙවර  තේමාවයි.  මෙම උත්සවයේ දී දීප ව්‍යාප්ත තෙත්බිම් සිතුවම් තරඟාවලියේ ජයග‍්‍රාහකයින්ට ත්‍යාග සහ සහතික ප‍්‍රදානය තෙත්බිම් පාරිසරික කඳවුරේ විවිධ ඉසව් වලින්ජයගත් ජයග‍්‍රාහකින්ට ත්‍යාග සහ සහතික ප‍්‍රදානය මෙන්ම සොබාකෙත නවතම කලාපය හා තෙත් බිම් ශ්‍රී ලංකා සඟරාව එළි දැක්වීම ද මෙම උත්සවයේ දී සිදු කෙරෙනු ඇත.

 
1971 පෙබරවාරි 2 වැනිදා ලෝක තෙත්බිම් සම්මුතිය අස්සන් කරන  ලද්දේ ඉරානයේ රැම්සා නුවරදීය. මේ වනවිට තෙත්බිම් සංරක්ෂණයට උනන්දු වන රටවල් 171 ක් රැම්සා තෙත්බිම් සම්මුතියට අස්සන් තබා තිබේ.

 
ජාතික පාරිසරික පනත යටතේ මේ වනවිටත් නුවරඑලිය ග්‍රෙගරිවැව, මුතුරාවෙල, තලංගම වැව, වලව්වවත්ත වතුරාන, බොල්ගොඩ වැව යන තෙත් බිම් මේ වනවිටත් ආරක්ෂිත ප‍්‍රදේශ ලෙස ප‍්‍රකාශයට පත් කර ඇති අතර ඉදිරියේ දී තවත් තෙත්බිම් ගණනාවක් සංරක්ෂණය කිරීමට  සුදානම් බවද මධයම පරිසර අධිකාරියේ සභාපති එස් අමරසිංහ මහතා ලංකාදීපයට පැවැසීය.