තුවාලකුරවනට මහපාරේ ප්‍රතිකාර
පෞද්ගලික ගමනක් යමින් සිටි රජයේ වෛද්‍යවරයකු වටවල බස් අනතුර දැක තුවාලකරුවනට ප්‍රතිකාර කිරීම මහාපාරේ දීම අරැඹීය. දික්ඔය රෝහලේ රවින්ද්‍ර කුමාර් සුදර්ශන් නම් මේ වෛද්‍යවරයා කළ මෙහෙය අගය කරන බව වටවල රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී අයේෂා වෙත්තසිංහ මහත්මිය කියන්නීය. තුවාලකරුවන් සමග වටවල රෝහලට ගිය දොස්තර සුදර්ශන් එහි වෛද්‍යවරුන් සමග එක් වී ප්‍රතිකාර කෙළේය. එහි සිටි සියලු දෙනාම මේ වෛද්‍යවරයාගේ සේවය අගය කළහ.

