(අංජුල මහික වීරරත්න)
ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශයේ, කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය (SEDD) විසින් දිවයිනේ සියලුම
ප්‍රදේශ ආවරණය වන පරිදි ‘තුරුණු දිරිය’ ණය යෝජනා ක්‍රමය සඳහා ව්‍යාපාර සැලසුම් 783 මේ මාසය වනවිට සකස් කර පවතී.
දැනට තරුණ ව්‍යවසායිකයන් 1030ක් මේ සඳහා සුදුසුකම් ලැබ සිටිතැයි ද ව්‍යාපාර සැලසුම් 390ක් දිවයින පුරා ලංකා බැංකු ශාඛා වෙත බාරදී ඇතැයි ද අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.
තරුණ ව්‍යවසායකයන්ගේ ආර්ථික අභිවෘද්ධිය අරමුණු කර ගත් ‘තුරුණු දිරිය’ ණය යෝජනා ක්‍රමය, අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලයේ හා ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ මධ්‍යම වැඩසටහන් කළමනාකරණ ඒකකයේ මැදිහත්වීම මත ලංකා බැංකුව මගින් ක්‍රියාත්මක කරයි.
වයස අවුරුදු 35ට අඩු, උපාධියක් හෝ පිළිගත් වෘත්තීය නිපුණතා සහතිකයක් හෝ සහිත, අවම වශයෙන් වසර 03ක් ව්‍යාපාරයේ නියුතු හැකියාවැති තරුණ ව්‍යවසායකයන් උදෙසා වන විශේෂ ණය යෝජනා ක්‍රමය මෙය වන්නේය. ණය යෝජනා ක්‍රමයේ ආවේණික හා ආකර්ශනීය ප්‍රතිලාභ වන ඇප නැතිව හෝ ලිහිල් ඇප සහිතව හෝ ණය ගැනීමට ඇති හැකියාව හේතුවෙන් මේ වනවිට ශ්‍රී ලංකාව පුරා විශාල ප්‍රමාණයක් තරුණ ව්‍යවසායකයන් මේ සඳහා ආකර්ශනය වී ඇතැයි ද අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරයි.
‘තුරුණු දිරිය’ ණය යෝජනා ක්‍රමයේ ප්‍රගති සමාලෝචන රැස්වීම් පළාත් වශයෙන් ක්‍රියාත්මක වේ. බස්නාහිර, මධ්‍යම හා වයඹ යන පළාත් සඳහා ප්‍රගති සමාලෝචන රැස්වීම් දැනටමත් පවත්වා අවසන් බවත් අනෙකුත් පළාත් සඳහා වන ප්‍රගති සමාලෝචන රැස්වීම් ඔක්තෝබර් මස මුල වනවිට අවසන් කිරීමට සැළසුම් කර ඇති බවත්
අග්‍රමාත්‍ය කාර්යාලය කියයි.
ණය යෝජනා ක්‍රමයට අදාළ වැඩිදුර තොරතුරු ළඟම පිහිටි ලංකා බැංකු ශාඛාවෙන් හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් හෝ ගන්නැයි දැනුම්දී සිටී.